පෙර සුදානම


හැදින්වීම
ආපදා කලමනාකරණය යනු ස්වභාවික සහ අනෙකුත් ආපදාවලට මුහුණ දීම සදහා ඇති වන පෙර සූදානමයි. පෙර සූදානම සදහා ප්‍රතිචාර දැක්වීමේ සැළැස්ම උදව් කිරීම හා නැවත යථා තත්ත්වයට පත් කිරීමට කළ යුතු දේද ඇතුලත්ය.
භූමිකම්පනය, නාය යාම්, ගිනිකදු පිපිරීම, ගිනි ගැනීම්, ගංවතුර සහ සුළිසුළං ආදිය ස්වභාවික ආපදා ලෙස සැළකිය හැක. මේවායින් අවුරුදු පතා විශාල පිරිසක් මරුමුවට පත්වන අතර, නිවාස ඉඩකඩම් ආදියද විනාශ වේ.
දිනෙන් දින වේගයෙන් වැඩිවන ජනගහනයත්, එම පිරිස් මෙවැනි ආපදාවලට ගොදුරුවිය හැකි ප්‍රදේශවලට ඒක රාශි වීමත් නිසා ආපදාවල බරපතල බව තවත් වැඩි වී ඇත. අනිසි ලෙස ගස් කැපීමත්, නිසි ප්‍රමිතියකින් හෝ අනවසරයෙන් කරන ඉදිකිරීම් නිසා සංවර්ධනය වන රටවල් වල හදිසි ආපදා වලින් සිදුවන ව්‍යවසනය අතිමහත්ය. ස්වාභාවික ආපදා නිසා වැඩිම පිරිසක් මිය යාම සිදුවන්නේ ආසියාවේය.
ස්වාභාවික හා මිනිසා විසින් සිදුකරන යනුවෙන් ආපදාවන් දෙකොටසකට බෙදිය හැක.
භූමියේ පිහිටීම නිසා සහ කාලගුණික විපර්යාස නිසා පහත දැක්වෙන ආකාරයේ ආපදා සිදු විය හැක.
  • ජල ගැලීම්
  • සුනාමි
  • කුනාටු
  • නායයාම්
  • නියගය
  • තද සුළං
  • කදු පෙරළීම
  • භූ කම්පන
  • ගිනිකදු පිපිරීම ආදිය

90% ක පමණ ස්වාභාවික ආපදා සිදුව ඇත්තේ කාලගුණය, දේශගුණය හා වතුර ආශ්‍රිත ප්‍රශ්න නිසයි. ස්වාභාවික ආපදා සිදු වීමත් ඉන් සිදුවන හානිය නැවතීමත් සිදු කළ නොහැකිය. නමුත්, ඉන් සිදු වන හානිය අවම කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත හැක.
ආපදා අවම කිරීමට පහත ක්‍රියාමාර්ග ගත හැක.
  • පූර්ව අනතුරු ඇගවීම් ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම.
  • පෙර සූදානම් හා පෙරහුරු ක්‍රියාත්මක කොට හැකියාව වර්ධනය කිරීම.
  • නැවත ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වීම හා පසු ආපදා තත්ත්වයන් අවම කිරීම.

ආපදා කලමනාකරණයේ අවස්ථා
  • මූලික අවස්ථා 4 කි.
    • අවම කිරීම.
    • පෙර සූදානම.
    • ප්‍රතිචාරය
    • නැවත යථා තත්ත්වයට පත්වීම.
අවම කිරීම
ස්වභාවික අනතුර ආපදාවක් දක්වා යාමට නොදී එහි තීව්‍රතාවය අඩු කිරීම. මෙය ස්වාභාවික ආපදාව පාලනය කිරීමේ වියදම් අඩුවෙන්ම වැයවන ක්‍රමයයි. මේ සදහා ඇතුළත් ව‍න්නේ නියමිත කාලයේදී පුද්ගලයින් ආපදාව පිලිබද දැනුවත් කිරීමත්, ඉන් ඉවත් කිරීමත්ය. එසේම මෙම නීති රෙගුලාසිවලට ගරු නොකරන පුද්ගලයින් ඉවත් කිරීම පිළිබදවත් මෙහි සදහන් වේ.
අවම කිරීම සදහා අවශ්‍ය මූලිකම දෙය වන්නේ, අනතුර හදුනා ගැනීමයි. ඒ සමගම ආපදාව පිලිබදවත් අවබෝධයක් ඇති විය යුතුය.
අවම කිරීම සදහා එක් සරල උදාහරණයක් වන්නේ, ආපදාවක් සිදුවන ප්‍රදේශයකින් ඉඩමක් නොගැනීමය.
පෙර සූදානම
පෙර සූදානම යනු කාර්ය කිහිපයක් ඇතුළත් වන චක්‍රාකාර දෙයකි. එනම්,
  • සැලැස්ම, සංවිධානය, පුහුණුව, අවශ්‍ය ද්‍රව්‍ය රුස් කිරීම, තත්ත්වය පිලිබද නැවත පරීක්ෂා කර බැලීම සහ ගතයුතු ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම යනාදියයි.
  • ආපදා කළමණාකරුවන් පෙර සූදානම පිළිබද සැලසුම් කර, අවදානම අඩු කිරීම සදහා ක්‍රමවත් වැඩපිලිවෙළක් සකස් කෙරේ. එය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය දෙය රැස් කිරීමද, සිදු කළ යුතුය.
පෙර සූදානම සදහා අවශ්‍ය දේ,
  • සන්නිවේදන මාර්ගයක් - මෙය පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සැකසිය යුතුය.
  • හදිසි සේවාවන් නියමිත ලෙස පුහුණු කර සහ නියමිත ලෙස පවත්වාගෙන යාම. සමාජයේ හදිසි ආපදා ප්‍රතිචාර කණ්ඩායම සහභාගී කරගත යුතුය. (Community emergency respond team)
  • පෙර පුහුණු වැඩ සටහන් - දැනුම් දීමේ ක්‍රම, ජනතාව ඉවත් කිරීමේ මාර්ග සහ එක්රැස් කළයුතු ස්ථාන හදුනා ගැනීම.
  • හදිසි ආපදාවකදී අවශ්‍ය දේ එක් රැස් කිරීම.
  • පුහුණු ස්වේච්ඡා කණ්ඩායම් එම ප්‍රදේශයේ ජනතාව අතරින් තෝරා ගැනීම.
තවත් කරුණක් වන්නේ අනතුරට ලක් විය හැකි ගණන පිලිබද කල් ඇතිව අවබෝධයක් ඇති කර ගැනීමයි. එනම් විය හැකි සංඛ්‍යාව හා අනතුරට ලක් විය හැකි ගණන පිළිබදවයි. මෙවිට සැළසුම් සාදන්නන්ට යම් ආපදාවකදී අවශ්‍ය සම්පත් හා වෙනත් දේ පිලිබද අවබෝධයක් ලබා ගත හැකිය.
ආවරණ සහිත ස්ථාන සෑදීම, දැනුම් දීමේ උපකරණ සවිකිරීම, ජීවිත ආදාරක (විදුලිය, ජලය, කානු පද්ධති) ද්‍රව්‍ය සකස් කිරීම සහ ඉවත් කිරීමේ ක්‍රම පිළිබද පුහුණුවීම් පැවැත්වීම ආදී සියළු දෙය පෙර සූදානමට ඇතුළත්ය.

අවදානය (ප්‍රතිචාරය)
මුලින්ම ආපදා අවස්ථාව පිළිබද දැනගෙන අදාල හදිසි සේවාවන් හා පුද්ගලයින්ව ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම ප්‍රතිචාර අවස්ථාව වේ. මෙයට ගිනි නිවීමේ හමුදාව, පොලීසිය හා ගිලන්රථ සේවාවද, ඇතුලත්ය.
ප්‍රතිචාර අවස්ථාවේ මූලිකවම අවදානය යොමු වන්නේ මූලික මානුෂික අවශ්‍යතා සපුරාලීම සදහාය.

යථා තත්ත්වයට පත්වීම
මෙහි මූලික අරමුණ වන්නේ ආපදාවට ලක්වූ ප්‍රදේශය පෙර තිබූ තත්ත්වයට පත් කිරීමයි. ගොඩනැගිලි පිලිසකර කිරීම, නැවත රැකියා ඇති කිරීම සහ අනෙකුත් යටිතල පහසුකම් පිළිසකර කිරීම මෙහි අරමුණයි. ප්‍රධාන වශයෙන්ම සිදු විය යුත්තේ “පෙර තිබූ තත්ත්වයවට වඩා හොද තත්ත්වයක්” ඇතිකර නැවත ආපදා තත්වයක් ඇති වුවහොත් වන හානිය අඩු කිරීමයි.

ආපදා කළමනාකරණයේ ප්‍රතිපත්ති
ආපදා කළමනාකරණය,
  1. සවිස්තරාත්මක විය යුතුයි. - ආපදා කළමනාකරුවන් හැම විටම සියළු ආපදාවන්, සියළු අවස්ථා සියළු අදාල පාර්ශවකරුවන් සහ ආපදාවකදී විය හැකි සියළු දේ පිළිබදව දක්වා තිබිය යුතුයි.
  2. ප්‍රගතිය (නොකඩවා පැවැත්ම) - ආපදා කළමනාකරුවන් ඉදිරියේදී ඇති විය හැකි ආපදාවක් බලාපොරොත්තුවෙන් ඒ සදහා වැළැක්වීමේ ක්‍රම සූදානම් කළ යුතු අතර, ආපදාවලට ඔරොත්තු දීමට හැකියාවක් ඇති පිරිසක් සකස් කළ යුතුය.
  3. අනතුර පිළිබද යොමු වීම - අනතුර හදුනා ගැනීම, අනතුර විශ්ලේෂණය සහ ප්‍රතිළුල විශ්ලේෂණ ආදිය සිදු කිරීම ආපදා කළමනාකරුවන් විසින් සිදුකළ යුතුය.
  4. ඒකාබද්ධ වීම - ආපදා කළමණාකරුවන් සෑම රජයේ ආයතනයක්ම සමග සහ සමාජය සමග එකතු වී කටයුතු සංවිධානය කළ යුතුය.
  5. සහයෝගිත්වය - සම්බන්ධකම් ස්ථාපනය කර ගැනීමත්, විශ්වාසය ගොඩනගන ආකාරයට සාකච්ඡාව හා එකගකම ඇති කිරීම කළ යුතුය.
  6. සම්බන්ධකම් ඇති කිරීම - ආපදා කළමණාකරුවන් එක් එක් පාර්ශවකරුවන්ට අයත් කාර්යයන් එකවර සිදුවීමට සලස්වා අරමුණ ඉටු කර ගැනීම කළයුතු ය.

No comments:

Post a Comment