මුල් පි‍ටුව



දකුණු පළාත් උතුරු ගිරුවා පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අංක 562 රම්මල ග්‍රාම නිලධරි වසමෙන් රම්මල ගම්මානය ආවරණය වේ. රම්මල ජනපදය 1 පියවර හා  රම්මල ජනපදය 2 පියවර ලෙස රම්මල ග්‍රාම නිලධාරි වසම කොටස් දෙකකට බෙදෙන අතර භූමි ප්‍රමානය වර්ග සැතපුමක් එනම් අක්කර 640 කින් යුක්ත වේ. රම්මල උතුරෙන් මාතර දිස්ත්‍රික්කයටද නැගෙනහිරින් කිරම  හීගොඩ මාර්ගයටද, දකුනෙන් සපුතන්තිරිකන්ද ග්‍රාම නිලධාරි වසම හා වෙන් කෙරෙන සපුගහදොලෙන්ද බටහිරට රම්මල වන රක්ෂිතයටද මායිම් වේ. මෙහිදී රම්මල ශ්‍රී මහින්දාරාමය අසල පිහිටා ඇති පූන දොලෙන් රම්මල ජනපදය 1 පියවර හා  රම්මල ජනපදය 2 පියවර ගම්මාන වෙන් කෙරේ .

                                                   රම්මල ග්‍රාමයේ එතිහාසික පසුබිම සලකා බැලීමේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට හා මාතර දිස්ත්‍රික්කයට  මායිම්ව පිහිටි රම්මලේ කදු වැටිය දකුණු ලකට විශේෂයෙන් හම්බන්තොට  දිස්ත්‍රික්කයට ලැබුණ සොබාදහමේ අපූරු දයාදයකි.  සිහල දේශය මුලුමනින්ම චෝලයන්ට නතුව තිබුන අවදියේ රම්මලේ කන්ද රජවරුන් කීප දෙනෙකුගේම ආරක්ෂක කදවුරක් වූ බවට එතිහාසික තොරතුරු හමුවේ. වලගම්බා රජුගේත් ගජබා රජුගේත් සේනා රැස් කල කදවුරක් රම්මල කදුමුදුනේ තිබුණ බවත් එහි වූ රජ මාලිගයත් රජ්ජුරුබණ්ඩාර දෙවොලත් සංකේතවත් කරන්නන්ට රනින් තැනූ මලක් එහි තිබූ බව ජන විශ්වාසයයි. ඒ අනුව රන්මලක් තිබුනු මේ කදු පියස රම්මල වූ බවට විශ්වාශයක් පවතී. සිංහල දේශය මුළුමනින්ම චෝලයන්ගේ ආක්රමණයන්ට නතුව තිබූ අවධියෙහි, “කීර්ති කුමරාජීවිතයෙහි කුඩා කාලයත්, තරුණ කාලයත්, සිය පියාණන් ඇතුළු රජ පවුලත් සමග රුහුණේ ජීවත්වූ බව ඓතිහාසික වශයෙන් ඔප්පු වේ.පනාකඩුව තඹ සන්නසඑයට හොඳ සාක්ෂියෙකි.
සුවන්නමලය, ස්වර්නමලය හා මලය පර්වතය යන නම් වලින් හදුන්වා ඇති රම්මලේ කන්ද, එතිහාසික අතින් මෙන්ම ස්වභාවික සෞන්දර්යෙන්ද අනූන වූ ප්‍රදේශයකිසුවණ්ණමලයනමින් හඳුන්වා ඇති රම්මලේ කන්දඓතිහාසික අතින් මෙන්ම ස්වාභාවික සෞන්දර්යයෙන්ද අනූණ වූ ප්රදේශයකි. මාතර දිස්ත්රික්කයෙහි මොරවක් කෝරලය සහ කන්දබඩ පත්තුවට මායිම් වූ අක්කර 2000 කට අධික බිම් ප්රමාණයක පැතිර පවතින්නා වූ රම්මලේ කන්ද  ජව විවිධත්වයෙන්ද යුක්තය.

                                            රම්මල ග්‍රාමයේ භූ විෂමතා ලක්ෂණ පිලිබදව අවදානය යොමුකිරීමේදී තැනිතලා පහත් බිම් අඩු අතර බහුලව දක්ක්නට ලැබෙන්නේ උස් කදු සහිත බිම්ය. මෙම කදු සහිත බිමේ තැනින් තැන විශාල ගල් පර්වතද බහුලව දක්නට ලැබෙන අතර මේ නිසා වගා කිරීම සහ නිවාස ඉදිකර ගැනීම සදහා සීමිත වූ බිම් ප්‍රමාණයක් පමණක් හිමිව ඇත.
                                                     දේශගුණික තත්වය සලකා බැලීමේදී ශීත හා ඌෂ්ණ දේශගුණය මිශ්‍රව පවතී. සාමාන්‍යයෙන්  නිරිතදිග හා ඊශානදිග මෝසම් මගින් සැලකියයුතු වර්ෂාපතනයක් ලැබෙන අතර මෙම ප්‍රදේශය තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ පෙන්වයි. විශේෂයෙන් රම්මල සදාහරිත වනාන්තරය අසබඩ පිහිටා ඇති බැවින් දිස්ත්‍රීක්කයේ අනෙක් ප්‍රදේශ වලට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ.

පසේ ස්වභාවය ගැන අවදානය යොමු කිරීමේදී පස විශමාකාර ලෙස පැතිරී ඇත. එයට හේතු වශයෙන් දේශගුණික සාධක වල සිදුවන වෙනස්වීම් පෙන්වා දිය හැකිය මෙම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් පවතින පස් වර්ග කිහිපයකි.

·       රතු දුඹුරු පස
·       රතු දුඹුරු ලැටසෝල් පස
·       රතු කහ පොට්සෝල් පස
·       රතු කහ ලැටසෝල් පස
·       දියදු පස

ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ රතු දුඹුරු පසයි. එම නිසා මෙම ප්‍රදේශය වඩා යෝග්‍ය වන්නේ හේන් වගාව පැගිරි වගාව හා කුරුදු වගාව, සදහාය. තවද ප්‍රදේශයේ සමහර ස්ථාන වල රතු කහ ලැටසෝල් පස හා රතු දුඹුරු ලැටසෝල් පස දක්නට ලැබේ මෙම පසෙහි ජලවහනය පවතින බැවින් තේ වගාව සදහා සුදුසුය. සමස්ථයක් ලෙස මෙම ප්‍රදේශය සැලකූ විට දැකිය හැකි වන්නේ රතු දුඹුරු පස හා රතු දුඹුරු ලැටසෝල් පසයි. මීට අමතරව ජීරණය වෙමින් පවතින පාශාණ තට්ටුවක් පවතී. මේ නිසා මෙම පසට පෙල්ස්පාර් නැමති ඛනිජය බහුලව එකතු වේ.






No comments:

Post a Comment